fbpx

ඔබ දන්නවාද ලංකාවේ attorney at law විය හැකි හොදම ක්‍රම?

ඔබ දන්නවාද ලංකාවේ නීතිඥවරයෙක් විය හැකි හොදම ක්‍රම?

- become an Attornet at law

ලංකාවේ හැමෝම හිතාගෙන ඉන්නේ නීතිඥවරයෙක් වෙන්න අමාරුයි කියල. ඔයාලා දන්නවාද උසස් පෙළ ඕනෑම විෂය ධාරාවකින් S S S තිබීම පමණක් ලංකාවේ නීතිඥවරයෙක් වීමට ප්‍රමාණවත් බව. ඔබත් නීතිඥවරයෙක් වීමට කැමැතිනම් නැත්නම් ඔබේ දරුවා හෝ වෙනත් හිතවතෙක් නීතිඥවරයෙක් වීමට සිහින දකිනවානම් මෙන්න ඔබ අනිවාර්යයෙන්ම කියවිය යුතු ලිපියක්.

අසාධාරණයෙන් තොරවූ සමාජයක සාධාරණයක් ඉටු කිරීමට දායක වන සුවිශේෂී පිරිසක් වශයෙන් තමයි නීතිඥවරු හදුන්වන්නේ. නීතිඥවරයෙකු වීම සඳහා සුදුසුකම් ලත් පිරිසක් සමාජයට දායාද කිරීම සඳහා රාජ්ය හා රාජ්ය නොවන ආයතන කටයුතු කිරීම සමාජයේ දියුණුවට හොද හේතුවක් වෙනවා .

ඒ වගේම තමයි ලංකාවේ නීතිඥවරයෙක් වන්න වයස ප්‍රශ්නයක් නැ. ඕනෑම වයසක ඉන්න කෙනෙක්ට උසස් පෙළ සමත්නම් නීතිඥවරයෙක් වෙන්න අවස්ථාව තියනවා. මේක ලංකාවේ වෙන කිසිම වෘත්තියක නැති විශේෂම අවස්තාවක්.

නීති විශ්ව විද්‍යාලයේ ප්‍රවේශ විභාග

නීති විශ්වවිද්‍යාලය මගින් සුදුසුකම් ලත් පිරිස් තෝරා ඔවුන් හට අවශ්‍ය සියලුම දැනුමලබා දී, එමගින් අවශ්‍ය සියලුම මාර්ගයෙන් පෙන්වා දීම සිදු කරයි.නීතිඥ වෘත්තියෙහි පවතින ගැඹුරු තැන් පවා හොඳින් අධ්‍යයනය කරමින් අවශ්‍ය මාර්ගෝපදේශකත්වය ලබාදී අවශය පෙර පුහුණුව හොඳින් ලබාදීමට මෙමඟින් කටයුතු කරයි. මනා නිපුණතාවයකින් හෙබි ඕනෑම එකලු කාරී තත්වයකට මුහුණ මුහුණදීමට හැකි පෞරුෂයක් ද මෙම නීති විශ්වවිද්‍යාලය මගින් මඟින් මනා ලෙස පුහුණු කරනු ලබයි.

 

නීති විද්‍යාල ප්‍රවේශ විභාගයට පෙනී සිටිමේ සුදුසුකම්.

 

ශ්රී ලංකා නීති විද්යාල ප්රවේශ විභාගය සඳහා පෙනී සිටීමට අවශ්ය අවම සුදුසුකම් සංශෝධනය කරමින් 2020 වසරේ නිකුත් කරන ලද නවතම ගැසට් නිවේදනය අනුව,

මේ සුදුසුකම් තියනවනම් ඔයාලට පුළුවන් නීති විද්‍යාලයේ තියන ප්‍රවේශ විභාගයට අයදුම් කරන්න. එම විභාගයෙන් සමත්වන අයට නීති විද්‍යාලය හරහා අවම වසර 3න් නීතිඥවරයෙක් වන්න පුළුවන්. මෙම විභාගයට සාමාන්‍ය බුද්ධිය, සාමාන්‍ය දැනීම, සහ භාෂාව (සිංහල හෝ, දෙමල හෝ, ඉංග්‍රීසි ) යන විෂයන් ඇතුලත් වෙනවා. මෙම විභාගයට අහන ප්‍රශ්න අපි වෙනම ලිපියකින් ඔබව අනුවත් කරන්නම්.

ගොඩක් අයට තියන ප්‍රශ්නය තමයි වෙනත් විශ්වවිද්‍යාලයක නැත්නම් රස්සාවක් කරන ගමන් මේක කරන්න පුලුවන්ද කියල. ලංකාවේ බොහොමයක් අය ඉන්නවා තමන්ගේ රැකියාව කරන ගමන්, වෙනත් විශ්වවිද්‍යාලයක හෝ පුද්ගලික ආයතනයක අධ්‍යාපනය හදාරන ගමන් ශ්‍රී ලංකා නීති විද්‍යාලයේ මෙම පාඨමාලාව හදාරන. අවශ්‍යවන්නේ ඔබගේ විශ්වාසය සහ කැපවීම පමණයි.

ශ්‍රී ලංකා විවෘත්‍ර විශ්ව විද්‍යාලයේ LLB උපාධි ප්‍රවේශ විභාග

ශ්‍රී ලංකා විවෘත්‍ර විශ්ව විද්යාලය ප්‍රවේශය තමයි ලංකාවේ ලේසියෙන්ම සමත් වෙන්න පුළුවන් වගේම ජනප්‍රියම ක්‍රමය නීතිඥවරයෙක් වීමේ ක්‍රමය . එම ජනප්‍රියතාවයට හේතුව වෙන්නේ අධ්යන පොදු සහතික පත්ර උසස් පෙළ විභාගයට SSS ලබාගැනීම තුලින් පමණක් මෙම ප්‍රවේශ විභාගය ලියා නීතිඥවරයෙක් වීමට අවස්තාව ලැබීමයි. මෙම ප්‍රවේශ විභාගය පැවැත්වෙන දවස් ශ්‍රී ලංකා විවෘත්‍ර විද්‍යාලය මගින් වාර්ෂිකව පලකරනවා. මෙම link එක හරහා ඔබට ශ්‍රී ලංකා විවෘත්‍ර විශ්වවිද්‍යාලයේ වෙබ් පිටුවට ගිහිල්ල වැඩිදුර දේවල් දැනගන්න පුළුවන්. ( https://ou.ac.lk/fac_humanities_dep_legal-studies/ ) මෙම විභාගයට ප්‍රශ්න පත්‍ර තුනක් තියනවා සිංහල, English සහ සාමාන්‍ය බුද්ධිය. මෙම විභාගයට එන ප්‍රශ්න ගැන අපි වෙනම ලිපියකින් ඔබව දැනුවත් කරනවා.

 

මේකේ තියන විශේෂත්වය තමයි සති අන්ත පන්ති පැවැත්වීම සහ පැමිණීම සටහන් නොවීම. ඒකට හේතුව තමයි මෙම Program එක හදල තියෙන්නේ  වෙනත් වැඩක නිරතවෙලා ඉන්න ගමන් බොහොම ලේසියෙන් කරන්න පුළුවන්වි වීදියට. ඔයාල රැකියාවක නිරත වෙලා ඉන්නවනම් මේ program එක ඔයාලට නීතිඥවරයෙක් වෙන්න ගැලපෙනම විදිය වෙන්න පුළුවන්.

 

ඒ වගේම තමයි මේකෙන් හම්බවෙන්න LLB Degree එක. අවම  වසර 4න් degree එක ගත්තට පස්සේ  ශ්‍රී ලංකා නීති විද්‍යාලයට ගිහින් attorney විභාගය ලියල නීතිඥවරයෙක් වෙන්න පුළුවන්.

 

බොහෝදෙනාට තියන ප්‍රශ්නය තමයි Degree එක ගත්තට පස්සේ Lawyer වෙන්නේ නැද්ද කියන එක. ලංකාවේ නීතිඥවරයෙක් වන්නනම් අනිවාර්යයෙන්ම ශ්‍රී ලංකා නීති විද්‍යාලයට යන්නම ඕනි. ගොඩක් දෙනා මේ දවස්වල අහන තවත් ප්‍රශ්නය තමයි අලුත් ගැසට් එකේ තියන දේවල් LLB එකට බලපානවද කියන එක. ඒ පිළිබඳව අපේ නීති විශේෂඥයන් ඔයාලට වෙනම ලිපියකින් දැනුවත් කරවී.

අපොස උසස් පෙළ ඉහළම ඉසෙඩ් අගයක් වාර්තා කරන නීති පීඨ

අපොස උසස් පෙළ විභාගයට මුහුණ දෙනු ලබන ඕනෑම ශිෂ්‍යයකුට ඉහළම කඩයිම් ලකුණු ලබා ගැනීමෙන් පසුව නීතිය හැදෑරීම සඳහා අවශ්‍ය පසුබිම සකසා ගැනීමට හැකිය. ඉහළම කඩයිම් ලකුණු ලබා ගන්නා සිසුන් කොළඹ පේරාදෙනිය සහ යාපනය යන විශ්ව විද්‍යාල වල පවතින නීති නීති පීඨයට ප්‍රවේශ වීමට හැකියාවක් ලැබීමට පුළුවන . එමගින් අවශ්‍ය දැනුම ආචාර්යවරුන් විසින් ලබා දෙනු ලබන අතර හොඳින් අවශ්‍ය ය දැනුම ලබාගෙන නීතීඥ වෘත්තියට ප්‍රවේශ වීමට ප්‍රවේශ වීමට හැකියාව අවස්ථාව උදා කර ගත හැකිය.

 

මෙම අවස්තාව ඉතින් හම්බවෙන්න් ලංකාවේ ඉතාම ටික දෙනෙකුට. හැබැයි මෙම විශ්වවිද්‍යාල වලට ගියත් අන්තිමට නීතිඥවරයෙක් වෙන්න ශ්‍රී ලංකා නීති විද්‍යාලයට යයන්න වෙනවා.

පෞද්ගලික විශ්ව විද්‍යාලයකින් LLB උපාධිය

ශ්‍රී ලංකා නීති විද්‍යාලයේ අනුමැතිය සහිත පෞද්ගලික මගින් ද නීතිඥ වරයෙකු වීමට වරම් ලබා ගැනීමට හැකිය. එහිදී පෞද්ගලික විශ්ව විශ්වවිද්‍යාල මගින් නීති වෘත්තියට ප්‍රවේශ වීමට හැකිවන පරිදි අවශ්‍ය වැඩ කටයුතු සිදු කර ඇත. පෞද්ගලිකව උපාධිය ලබා ගනිමින් අවශ්‍ය දැනුම නිපුණතාවය තමන් සතු කර ගැනීමෙන් නීතිඥ වෘත්තියට ප්‍රවේශ වීමට හැකියාව ලැබී ඇත එයට අවශ්‍ය සුදුසුකම් සපුරා ගැනීමෙන් පසුව නියමාකාර නීතිඥවරයෙකු වශයෙන් සුදුසුකම් ලැබීමට අවශ්‍ය සියලූ සියලුම කටයුතු සම්පාදනය කරගත හැකිය.

 

ශ්‍රී ලංකා නීති විද්‍යාලයේ අනුමැතිය සහිත පෞද්ගලික විශ්වවිද්‍යාලවලින් නීති උපාධිය ලබා ගන්නා සිසුන්, විශේෂ තෝරා ගැනීමේ පරීක්ෂණයකින් පසුව පමණක් නීති විද්‍යාලට තෝරා ගැනීමට කටයුතු කෙරේ. (මෙය KDU විශ්වවිද්‍යාලය සඳහා අදාල නොවේ).

 

ලංකාවේ නීතිඥවරයෙක් වන පස්වන ක්‍රමය වන විදේශීය විශ්වවිද්යාලවලින් නීති උපාධිය ලබා ගන්නා සිසුන්, විශේෂ තෝරා ගැනීමේ පරීක්ෂණයකින් පසුව පමණක් නීති විද්යාලට තෝරා ගැනීමට කටයුතු කෙරේ.

 

මෙම සියලුම සියළුම අවස්ථා උපයෝගී කරගනිමින් නීතිඥ වෘත්තියට ප්‍රවේශ වීමේ හැකියාවක් තිබීම සුවිශේෂී කොට දැක්විය හැකි කරුණක් ලෙස සඳහන් කළ හැකිය. මෙහිදී විශේෂ කාරණාව වන්නේ රාජ්‍ය ආයතන මෙන්ම පෞද්ගලික ආයතන මඟින් ද LLB උපාධියක් ලබා ගනිමින් නීති විද්යාලයේ විභාග වලට සම්බන්ධ වෙමින් වෘත්තීය වශයෙන් නීතිඥයෙකු විමට අවස්ථාවද උදා කර ගත හැකි වීමයි. නීතිඥවරයෙකු වශයෙන් බඳවා ගැනීමේදී ප්‍රධාන කරුණු තුනක් සලකා බලනු ලැබේ. එය නීතියෙන් නීතිඥ වෘත්තියට සුදුසුකම් ලැබීමට අවශ්‍ය ප්‍රධාන සාධක වශයෙන් ද සැලකිය හැකිය.

යන කරුණු කාරණා සැලකිල්ලට ගෙන නීතිඥ වෘත්තියට මනා නිපුණතාවයකින් යුක්ත පිරිස් බඳවා ගැනීමට විද්‍යාලය මඟින් විභාග කටයුතුවලට සුදුසුකම් ලත් පිරිස් සඳහා සිය වෘත්තිය මනා ලෙස සිදුකර ගෙන යෑම සඳහා අවශය අවශ්‍ය අඩිතාලම සපයන ලදී.. යහපත් චරිතය වශයෙන් වරන ගනු ලබන්නේ පුද්ගලයෙකු නීතිඥ වෘත්තියට ප්‍රවේශ වීමේ දී සිය චරිතය යහපත් අන්දමින් පවත්වාගෙන යෑම විශේෂත්වයකි එහිදී එහිදී සාධාරණත්වයක් ඉටු කිරීමේ පරමාර්ථයෙන් නීතිඥ වෘත්තියට ප්‍රවේශ වීමේ දී සිය වෘත්තිය මනා ලෙස ඉදිරියට පවත්වාගෙන යාම සඳහා යහපත් චරිතයක් තිබීම විශේෂත්වයකි. තමාගේ චරිතය නිසි අන්දමින් පවත්වාගෙන යාම තුළින් අනෙකා ද සමාජයේ යහපත් චරිතයක් ලෙස ගොඩ නංවා ගැනීමට අවශ්‍ය සාධක තමා තුළින් උපයා උපයා ගත හැකිය. යහපත් ආදර්ශමත් චරිතයක් සමාජගත වූ පසු අනෙකා ද එම තත්ත්වයට පොළඹවා ගැනීමට හැකියාව ඇත .එහිදී මෙම නීතිඥ වෘත්තියකට ප්‍රවේශ වීමේදී ඉතාමත් වැදගත් ලෙස යහපත් චරිතයක් තිබීම තුළින් තියේ ද ඉහළ තත්ත්වයක් හිමිකර ගත හැකි මෙන්ම ගෞරවයට පිළිගැනීමට පාත්‍ර විය හැකි චරිතයක් බවට පත්විය හැකිය.

එලෙසම යහපත් චරිතයක් මෙන්ම මනා දැනීමක් ද තිබීම මෙහිදී වැදගත් කොට දැක්විය හැකිය එසේ සඳහන් කිරීමට හේතුව වන්නේ ය අනෙකාගේ ගැටලුවක් විසඳා ගැනීමේදී එයට අවශ්‍ය පසුබිම හොඳින් සොයා බැලීමත් එම ගැටලුව ගැටලුව නිරාකරණය කරන ආකාරය යහපත් ආකාරයේ ක්‍රියාවත් වීමක් මෙහිදී වැදගත් වේ. සමාජයේ පිළිබඳ හොඳින් දන්නා පුද්ගලයෙකුට වෘත්තීයට ප්‍රවේශ වීම ඉතාමත් පහසු දායක වේ දායකවේ සමාජයේ පිළිගැනීමට ලක් චරිතයක් බවට පත් වීම සඳහා මනා දැනුමක් තිබීම තුළින් නීතිඥ වෘත්තිය ඉතාමත් පහසුවෙන් කරගෙන යාම ඉබේටම සිදුවේ. සමාජය සාධාරණත්වයට පත් කිරීම සඳහා අයහපත නොව යහපත් අන්දමින් පවත්ව ගැනීම සඳහා මනා දැනීමක් තිබීම මෙහිදී වැදගත් කොට සලකනු ලැබේ.

About Author
LMC LAW Class Logo
LMC LAW CLASS

We at LMC LAW Class firm are established to relentlessly educate the persons chasing success. LLB and Law College degree are not only the best ways to become a lawyer but also some of the best ways to make your dreams come true.

Share us on
Facebook
WhatsApp
Twitter
LinkedIn