fbpx

නීති විද්‍යාල ප්‍රවේශය සඳහා BIMSTEC සමුළුව ගැන දැනගත යුතු කරුණු

About BIMSTEC

BIMSTEC SUMMIT ගැන දැනගත යුතු කරුණු

පසුගිය දිනයන්වල අපගේ වත්මන් ජනාධිපතිතුමාගේ සහභාගීත්වයෙන් පැවති BIMSTEC සමුළුව ඔබට මතක ඇති. නමුත් මෙම සමුළුවෙහි සේවාවන් වල වැදගත්කම පිළිබඳව ඔබ දනුවත්ද? එම දැනගත යුතුම වැදගත්කම් සහ මේ ඇසුරින් Law Entrance Exam එකේදී විමසිය හැකි ප්‍රශ්න පිළිබඳව අද විමසා බලමු. මුලින්ම අපි බලමු මේ BIMSTEC කියන අකුරුවලින් හඳුන්වන්නේ මොකක්ද කියන එක,

මෙහි තේරුම තමයි-“බෙංගාල බොක්ක ආශ්‍රිත රටවල බහු ආංශික තාක්ෂණික ආර්ථික සහයෝගීතාව සඳහා වන එකමුතුව” යන අදහස. ඉතින් මේක කියද්දිම තේරෙනවා මෙම සමුළුව සමන්විත වෙනවා ඇත්තේ මොන රටවල් වලින්ද කියන එක. ඒ කොහොම වුනත් අපි ඒ ගැන ටිකක් හොඳින් අධ්‍යනය කරලා බලමු.

ආරම්භයේ සිට ව්‍යාප්තිය

කලාපීය රටවල් වශයෙන් එකතු වී සංවිධාන පිහිටුවා ගැනීම වර්තමානය වන විට ලොව සෑම කලාපයකම දකින්න ලැබෙනවා. යුරෝපියානු රටවල්, උතුරු හා දකුණු ඇමෙරිකානු රටවල්, අප්‍රිකානු රටවල්, අරාබි රටවල් හා ආසියානු රටවල් කලාපීය වශයෙන් සංවිධාන වී පිහිටුවාගත් සංවිධාන බොහොමයක් ඇති බව අපි දන්නවා. BIMSTEC සමුළුවත් ආසියානු කලාපයේ බෙංගාල බොක්ක ආශ්‍රිතව ඇති රටවල් එකතු වී සාදාගත් සංවිධානයක්. මෙයට ආසියානු කලාපයේ රටවල් වලින් බෙංගාල බොක්ක ආශ්‍රිතව ඇති රටවල් කිහිපයක් පමණක් සහභාගී වන බැවින් මෙය උප කලාපීය සංවිධානයක් ලෙස හැඳින්වෙනවා.  මෙම උප කලාපීය සංවිධානය 1997 ජුනි 6 වන දින බැංකොක් ප්‍රකාශනය හරහා ආරම්භ වී තිබෙනවා. එය සාමාජික රටවල් හතක් සමන්විත වනවා. එම රටවල් වන්නේ, 

ඇතුළු දකුණු ආසියානු රටවල් පහක් සහ,

ඇතුළු අග්නිදිග ආසියානු රටවල් දෙකක්. ඒ අනුව මේ වනවිට මෙය රටවල් 7ක සහභාගීත්වයෙන් පැවැත්වේ.  මුලදී, ‘BIST-EC’ (බංග්ලාදේශය, ඉන්දියාව, ශ්‍රී ලංකාව සහ තායිලන්ත ආර්ථික සහයෝගීතාව) යන කෙටි යෙදුමෙන් සාමාජික රටවල් හතරක් සමඟ ආර්ථික කණ්ඩායම පිහිටුවා තිබුනා. 1997 දෙසැම්බර් 22 වැනි දින බැංකොක්හි පැවති විශේෂ අමාත්‍ය මණ්ඩල රැස්වීමකදී මියන්මාරය ඇතුළත් කිරීමෙන් පසුව, සමූහය ‘BIMST-EC’ (බංග්ලාදේශය, ඉන්දියාව, මියන්මාරය, ශ්‍රී ලංකාව සහ තායිලන්තයේ ආර්ථික සහයෝගීතාව) ලෙස නම් කරනු ලැබුවා. 6 වැනි අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී (2004 පෙබරවාරි තායිලන්තයේදී) නේපාලය සහ භූතානය පිළිගැනීමත් සමඟ එම කණ්ඩායමේ නම බෙංගාල බොක්ක ආශ්‍රිත රටවල බහු ආංශික තාක්ෂණික ආර්ථික සහයෝගීතාව සඳහා වන එකමුතුව’ (BIMSTEC) ලෙස වෙනස් වුනා.

BIMSTEC හි අරමුණු සහ කාර්‍යභාර්‍ය

අද වන විට ප්‍රධාන වශයෙන් මෙම රටවල් අතර සිදුවන ආනයන-අපනය වෙළඳාම තීරු බදු රහිතව කරගෙන යාම මෙහි මූලික අරමුණ වෙනවා. එහි ප්‍රතිඵල ලෙස බංගලිදේශය, භූතානය, ඉන්දියාව, මියන්මාරය, නේපාලය, ශ්‍රී ලංකාව, තායිලන්තය ඇතුළත් බහු-ආංශික තාක්ෂණික සහ ආර්ථික සහයෝගීතාව සඳහා බෙංගාල බොක්ක ආශ්‍රිත රටවල එකමුතුව {(BIMSTEC) (බිලියන 1.5 ක ජනතාවක්) – ලෝක ජනගහනයෙන් 21% ක්} සහ එක්සත් ජනපදයට වඩා වැඩි ඒකාබද්ධ දළ දේශීය නිෂ්පාදිතයක් ගෙන එනවා.  1997 අගභාගයේදී ආංශික සහයෝගීතාවය සඳහා වෙළඳ, තාක්‍ෂණය, බලශක්තිය, ප්‍රවාහනය, සංචාරක සහ ධීවර කර්මාන්තය ඇතුළු අංශ හයකින් ආරම්භ වෙලා තියන මෙම සංවිධානය කෘෂිකර්මය, මහජන සෞඛ්‍යය, ඳිළිඳුකම නැති කිරීම, ත්‍රස්තවාදයට එරෙහි වීම, පරිසරය, සංස්කෘතිය ඇතුළු තවත් අංශ නවයක් සඳහා තිරසාර විසඳුම් සොයාගැනීම අරමුණු කරගෙන තිබෙනවා.  ලෝකයේ ඇති අනෙකුත් බොහෝ කලාපීය සමුළු සහ සංවිධාන වලින් BIMSTEC වෙනස් වන්නේ මෙය අංශ මත පදනම් වූ සමුපකාර සංවිධානයක් වීම නිසායි. මීට අමතරව රටවල් පොදුවේ මුහුණ දෙන ප්‍රශ්න හා ස්භාවික විපත් අවම කිරීමට එකට එකතු වී තීරණ ගැනීම මෙම සමුළුවේදී සිදුවෙනවා. BIMSTEC හි එක් එක් රටවල ප්‍රමුඛත්වයක් දෙන අංශ පවතින අතර ශ්‍රී ලංකාව සඳහා තාක්ෂණය යන උප අංශය හිමිවී තිබෙනවා.

BIMSTEC මූලධර්ම

බිම්ස්ටෙක්හි ප්‍රධාන මූලධර්ම පහත ආකාර වනවා.

BIMSTEC සමුළු සහ සභාවාර

නව නම යෙදූ පසු පළමුවරට මෙම සමුළුව පවත්වල තියෙන්නෙ 2004 වසරේ තායිලන්තයේදී. ඒකෙන් පස්සේ 2008 වසරේ දී ඉන්දියාවෙත්, 2014 වසරේ මියන්මාරයේ ත්, බිම්ස්ටෙක්හි 4 වන සමුළුව 2018 වසරේ නේපාලයේ ද පවැත්වූ අතර පස් වන සමුළුව තමයි පසුගියදා ශ්‍රී ලංකා ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුනේ. මෙම සමුළුවකදී රාජ්‍ය නායකයා සහභාගී වීම අනිවාර්‍ය වන අතර මීට අමතරව විදෙස් ඇමතිවරුන්ගේ හා වෙළඳ හා මුදල් ඇමතිවරුන්ගේ සමුළු ද පැවැත්වෙනවා. මෙහි 5වන සමුළුව 2022 මාර්තු 30 වැනි දින පැවැත්වුනා. මෙහි තේමාව වුනේ “බිම්ස්ටෙක් – “සෞභාග්‍යවත් ආර්ථිකයක් සහ සෞඛ්‍ය සම්පන්න ජනතාවක් හරහා ” යන්නයි. මෙය ශ්‍රී ලංකාවේ ජනාධිපති අතිගරු ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම සමුළුව පැවත්වුනා. ගරු ලියොන්චෙන් ආචාර්ය ලෝටේ ෂෙරිං මහතා තිම්පු නුවර සිට පැවති සමුළුවේදී සිය ප්‍රකාශය කළා. මෙහිදී කලාපයේ ආර්ථික විභවයන් සාක්ෂාත් කර ගැනීම සඳහා වෙළඳ පහසුකම් සහ ඩිජිටල් සම්බන්ධතාවයේ වැදගත්කම ඔහු විසින් අවධාරණය කරන්නට යෙදුනා. අපි දැන් මේ ඇසුරෙන් නීති විද්‍යාල ප්‍රවේශ විභාගයේදී ඔබගෙන් විමසිය හැකි ගැටලු වෙත අවධානය යොමු කරමු. Bay Of Bengal Initiative For Multi-Sectoral Technical And Economic Cooperation. (බෙංගාල බොක්ක ආශ්‍රිත රටවල බහු ආංශික තාක්ෂණික ආර්ථික සහයෝගීතාව සඳහා වන එකමුතුව)

මේ ඇසුරින් 2022 හි පැවැත්වෙන නීති ප්‍රවේශ විභාගවලදී විමසිය හැකි ගැටලු

Bay of Bengal Initiative for Multi-Sectorial Technical and Economic Cooperation. (බෙංගාල බොක්ක ආශ්‍රිත රටවල බහු ආංශික තාක්ෂණික ආර්ථික සහයෝගීතාව සඳහා වන එකමුතුව)

About Author
LMC LAW Class Logo
LMC LAW CLASS

We at LMC LAW Class firm are established to relentlessly educate the persons chasing success. LLB and Law College degree are not only the best ways to become a lawyer but also some of the best ways to make your dreams come true.

Share us on
Facebook
WhatsApp
Twitter
LinkedIn