fbpx

Ukrane Russia යුද්ධය ඇසුරින් 2022 නීති ප්‍රවේශ විභාගයට අනුමාන ප්‍රශ්න?

Ukrane Russia ඇසුරින් 2022 නීති ප්‍රවේශ විභාගයට අනුමාන ප්‍රශ්න?

ලෝකයේම ඇස් මේ මොහොතේ යොමුවෙලා තියෙන්නෙ යුරෝපයේ විශාලම රාජ්‍ය වන යුක්‍රේනය සහ ලෝකයේ විශාලම රටවන රුසියාව දෙසට. ඒකට හේතුව තමයි රුසියාව විසින් යුක්‍රේනය ආක්‍රමණය කිරීම. බොහෝ දෙනෙක් බලා සිටින්නේ මෙය 3වෙනි ලෝක යුද්ධයක් දක්වා වර්ධනය වෙනතෙක්. නමුත් මෙතන එතරම් ප්‍රශ්නයක් තියෙයිද? ඇයි රුසියාව විසින් හදිස්සියේම යුක්‍රේනය ආක්‍රමණය කළේ?

ඇත්තටම මොකක්ද මේ යුක්‍රේන-රුසියා යුද්ධයට හේතුව?

- Ukraine Russia War
හොඳයි. ඇත්තටම මේක හදිස්සියෙම කරපු දෙයක්නම් නෙවෙයි. මේ අර්බුදය ආරම්භ වුනේ 2014 පෙබරවාරි මාසයේදී යුක්‍රේන ගෞරවය පිළිබඳ විප්ලවයෙන් පසුවයි. මෙහිදී මුලින්ම අවධානය යොමු වුනේ ක්‍රිමියාවේ තත්ත්වය සහ යුක්‍රේනයේ කොටසක් ලෙස ජාත්‍යන්තරව පිළිගත් ඩොන්බාස් හි කොටස් වලට. ගැටුමේ මුල් වසර අටේදි ක්‍රිමියාව රුසියාව විසින් ඈඳා ගැනීම (2014) සහ යුක්‍රේනය සහ රුසියානු පිටුබලය ලබන බෙදුම්වාදීන් අතර ඩොන්බාස්හි (2014-වර්තමානයේ) යුද්ධය මෙන්ම නාවික සිද්ධීන්, සයිබර් යුද්ධ සහ දේශපාලන අර්බුදද ඇතිවෙලා තියෙනව. 2021 අග භාගයේ ඉඳලා, 2022 පෙබරවාරි 24 දක්වා රුසියාව යුක්‍රේනයට පූර්ණ පරිමාණ ආක්‍රමණයක් දියත් කළහම තමයි ලෝකෙම පූර්ණ අවධානය මේකට යොමු වුනේ.

ඇයි වත්මන් රුසියානු ජනාධිපති ව්ලැදැමීර් පුටින් යුක්‍රේනය ආක්‍රමණයට අණ දුන්නේ ?

මේකට ප්‍රධාන හේතුව තමයි යුක්‍රේනයේ වත්මන් ජනාධිපති ව්ලැදමීර් සෙලෙන්ස්කි විසින් තම රාජ්‍ය NATO(NATO-North Atlantic Treaty Organization/උතුරු අත්ලාන්තික් ගිවිසුම් සංවිධානයසංවිධානයේ සාමාජිකයෙක් කරගන්න කියල එම සංවිධානයෙන් කළ ඉල්ලීම. මෙතනදි රුසියාවට ඇතිවෙන ගැටලුව තමයි එහෙම යුක්‍රේනය NATO රටක් බවට පත් වුනහම විශාල යුධමය බලයක් එම රටට හිමිවීම. ඒක රුසියාවේ ආරක්ෂාවට විශාල තර්ජනයක්. ඒ නිසා ජනාධිපති පුටින් ව්ලැදැමීර් සෙලෙන්ස්කි ජනාධිපතිවරයාගෙන් සහ NATO රටවල් වලින් ඉල්ලීමක් කරනවා යුක්‍රේනය සාමජිකයෙක් කරගන්න එපා කියලා. නමුත් ඔහුට කිසිවෙක් ඇහුම්කන් දෙන්නේ නැහැ. ඒ නිසා 2022 පෙබරවාරි 21 වන දින, රුසියාව ඩොන්බාස්හි ස්වයං-ප්‍රකාශිත බෙදුම්වාදී රාජ්‍ය දෙක නිල වශයෙන් පිළිගත්තා විතරක් නෙවෙයි, විවෘතව භට පිරිස් එම ප්‍රදේශවලට යවන්න ක්‍රියා කලා. දින තුනකට පස්සේ රුසියාව යුක්‍රේනය ආක්‍රමණය කළා.

යුක්‍රේනය මෙතරම් වැදගත් රාජ්‍යක් බව දැනගෙන හිටියද ?

මේ ඇසුරින් 2022 හි පැවැත්වෙන නීති ප්‍රවේශ විභාගවලදී විමසිය හැකි ගැටලු

About Author
LMC LAW Class Logo
LMC LAW CLASS

We at LMC LAW Class firm are established to relentlessly educate the persons chasing success. LLB and Law College degree are not only the best ways to become a lawyer but also some of the best ways to make your dreams come true.

Share us on
Facebook
WhatsApp
Twitter
LinkedIn